සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක්

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී කීය.

පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

කාන්තා සහ ළමා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *