සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියා දියේ අතුරුදහන්

ජාඇල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවෙන් පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇළකට වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය පැවසුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් පොලිස් ජීප් රථයට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවෙන් මිදී ජාඇල ඇළට පැන ඇති බව ය.

ජාඇල – බෝධිරාජාරාම පාරේ පදිංචි සැකකරු හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මාංචු දමා සිටි සැකකරු අත්අඩංගුවේ සිට පැන අසල තිබූ ඇළට පැනීමත් සමඟ පො.කො. 99033 ක්‍රිෂ්ණමූර්ති ප්‍රදාසන් (26) ලුහුබැඳ ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇළට පැන ඇති නමුත් එම උත්සාහයේදී දියේ ගිලී මිය ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු අත්අඩංගුවට ගැනීමට අනෙකුත් පොලිස් නිලධාරීන් සමත් වූ බව ඔහු පැවසීය.

ජාඇල පොලිසියේ ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *