සාර්ක් සත්කාරකත්වයක් ලංකාවට

සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හත්වැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2006 වසරේ පැවති සාර්ක් සංවිධානයේ 32 වන ස්ථාවර කමිටු සැසියේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මට්ටමින් සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායම පිහිටු වීමට තීරණය කරනු ලැබ ඇත.

එමඟින්, කලාපය තුළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ කලාපීය යහයෝගිතාව වැඩි දියුණු කර ගැනීම අපේක්ෂා කරනු ලබයි. එම කණ්ඩායමේ 07 වන රැස්වීම 2025-06-20 සහ 21 දිනවල කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇත. ඒ අනුව, සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හත්වැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැලසීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *