සාගරිකා හා රජරට රැජිනගේ ගැටුමට තිදෙනෙකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී සාගරිකා දුම්රිය හා රජරට රැජින දුම්රියේ එංජිම ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරු හා රියදුරු සහායකගේ සේවය මෙසේ අත්හිටුවා ඇත.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන කිරීමට සැලසුම්කර තිබු රජරට රැජිණ දුම්රියේ එංජිම මාරු කිරීමේදී එය වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී ඊයේ (15) පෙරවරුවේදි මෙම අනතුර සිදුවිි.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *