ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 11ක් අක්‍රිය වෙලා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට  ඇති  ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල  ආයුකාලය අවසන්විම නිසා  ක්‍රියාවිරහිතව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  වාර්තාවක සදහන් වේ.

ජපන් ආධාර යටතේ රුපියල් මිලියන  570ක මුදලක්  වැයකොට මේවා ඉදි කෙරිණි.

මහඉලුප්පල්ලම,වාගොල්ල,සෙවණගල,පොළොන්නරුව,අරලගන්විල,බලංගොඩ,සිරිකදුර,අගුණුකොළපැළැස්ස,දෙනියාය,තවලම,කුඩව, යන ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ඉකුත් වර්ෂයේ (2023) ජුලි මස 11වැනිදින වනවිට  ක්‍රියාවිරහිතව  පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකි කාලගුණ  විද්‍යා මධ්‍යස්ථාන 2019 වර්ෂයේ සිට 2022 දක්වා පිළිවෙළින් නියමිත පරිදි නඩත්තු නොකළ වාරගණන සියයට 69ක්,සියයට 93ක්, සියයට 92ක් හා සියයට 85ක් පැවතුණි.

එමෙන්ම 2019 හා 2021 අතර කාලසිමාව තුල ස්වයංක්‍රියා කාලගුණ මධ්‍යස්ථාන වල කිසිදු නඩත්තු කිරිමක් සිදුනොකළ අවස්ථා 47ක් නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකි උපකරණ  පද්ධති අමතර කොටස් සදහා  2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුල  රුපියල් මිලියන 123ක වියදමක් දරා තිබුණි.

මෙකි ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති  මගින්  උෂ්ණත්වය,අර්ද්‍රතාවය,වාර්ෂාපතනය,සුළගේ  වේගය,හා දිශාව,පිඩනය, සුර්ය විකිරණ ප්‍රමාණය මනිනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *