සංචාරක හෝටල්වල අවශ්‍යතා සඳහා බාස්මතී සහල් හැර වෙනත් සහල් ආනයනය සඳහා අවසර ලබාදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහල් ආනයනයට අවසර දී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය පෙබරවාරි මාසයේදී සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පැවති අවස්ථාවේදී රජය සහල් ආනයනය කිරීමට අවසර ලබාදුන් බවයි.
එම අවස්ථාවේදී දින කිහිපයකට පසු ගෙන ආ සහල් ප්‍රමාණයක් වරායේ සිරවී තිබූ බැවින් එම සහල් ප්‍රමාණය මුදා හැරීමට සතියක කාලයක් ලබාදුන් නමුත් මේ වනවිට එම කාලය අවසන් වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.