සමාජ ක්‍රියාකාරීහු උපයෝගිතා කොමිසම පතුරු ගසති

විදුලි ගාස්තු සංශෝධනයට අදාල මහජන අදහස් වීමසීමට මහජන උපයෝගිතා කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්වූ හමුවට පැමිණි සමාජ ක්‍රියාකාරීන් උපයෝගිතා කොමිසම විවේචනය කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවිය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.වී.එස්.එම්. කුඩලිගම මහත්මිය එහිදී විදුලි ගාස්තුව සියයට 3.34 කින් ඉහළ දැමිය යුතු යැයි යෝජනා කිරීම සහ මහජන උපයෝගිතා කොමිසමේ ක්‍රියාකළාපය විදුලි පාවිච්චිකරන්න්ගේ සංමයේ ලේකම් සංජීව ධම්මික සහ එහි සභාපති එම්. ඩී. ආර්. අතුල යන මහත්වරු විවේචනය කිරීමත් සමඟ හමුව උණුසුම් විය.

එම විවේචන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති එම්. ඒ. ආර්. එම්. ප්‍රනාන්දු මහතා මහතා ඇතුළු එම කොමිසමේ නිලධාරීන් නැවැත්වීමට යෑමෙන් සංවාදාත්මක තත්වයක් ඇතිවිය.

දේශපාලන නියෝජිතයන් වන ගාමිණි වලේගොඩ, වෛද්‍ය නලින්ද ජයතිස්ස, මුජ්බර් රහුමාන් සහ පාඨලි චම්පික රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් ද විදුලි ගාස්තු වැඩි ප්‍රතිශතයකින් අඩු කළ යුතු යැයි අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *