සමහරු වැලිකඩ බලය අල්ලමින් ඉන්නවා

විපක්ෂයේ සමහරු වැලිකඩ බන්ධනාගාරේ බලය අල්ලමින් ඉන්නා බවවෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වරින් වර අප වංචා දූෂණ ගැන කරුණු සමාජයට ඉදිරිපත් කළා.වත්කම් බැර කම් ලේඛන වල කරුණු හරියට සඳහන් කළ යුතු බවට මේ නව රෙගුලාසි ඉදිරිපත් වෙනවා.රටේ වංචා දූෂණ හෙළි කර ගැනීම පිළිබඳව ඉකුත් දිනවල අප දැවැන්ත මෙහෙයුමක් කළා.

බොරුවට වැඩිදුර යන්න බෑ.ඒක නිසා තමන්ගෙ දේපොළ වත්කම් හරියට  ලබා දෙන්න. පහුගිය දින වල සමහරු සංදර්ශන පැවැත්වූවා.තව එක්කෙනෙක් ජනාධිපතිට දේපොළ  තියෙනවා කියල ෂෝ එකක් දාලා දැන් පරීක්ෂණ වලට මුහුණ දෙනවා.බොරු කියමින් යන එක අද විපක්‍ෂයේ කලාව වෙලා. අප වැඩ කරමින් ඉන්නේ අණ පනත් නීති එක්ක.නීති මදි නම් තව හදනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *