සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළහ.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මල්වතු පාර්ශ්වයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ මහානායක සහ මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව එම යොමු කොට ඇත.
රටේ සංස්කෘතික අනන්‍යතාවයන් , ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත්රයන් නොසලකා පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්සාහ කරන්නේ නම් එය රාජ්‍ය ආරාජිකවීමට මෙන්ම සමාජ බිඳවැටීමට බලපාන බව චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇත .
ධර්මද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශ්‍රී ලංකාව බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ට සංස්කෘතික උරුමකම් කියයි.
දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව හා සමානත්වතාව යන යන සතර සංග්‍රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලාංකේය සංස්කෘතියේ මෞලික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම රාෂ්ට්‍රිය සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි .