‘සමගි ජන බලවේගයට මාව ඕනද නැද්ද කියන එක තීරණය කරන්න වෙනවා’: හිරුණිකා

දුමින්ද සිල්වාට සමාව ලබාදීමේ ගනුදෙනුවකට ගියහොත් තමන් අවශ්‍යද නැද්ද යන්න සමගි ජන බලවේගයට තීරණය කිරීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟ නොවනු ඇතැයි මා විශ්වාස කරනවා.

කෙසේ වෙතත් දුමින්ද සිල්වාට සමාව ලබා දීම සඳහා වගකිව යුත්තන් සමඟ ගනුදෙනුවක් කිරීමට ඔහු වටා සිටින අනෙක් අය ඔහුට ඒත්තු ගැන්විය හැකිය. එවැනි අවස්ථාවකදී පක්ෂයට මා හෝ වෙනත් අය අවශ්‍යද යන්න තීරණය කිරීමට පක්ෂයට සිදුවනු ඇත,” ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා මහතාට ලබාදුන් සමාව ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර ලබාදුන් නිසා එය ආපසු හැරවීමට මට හැකි වූ බව ඇය සිහිපත් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *