සභික ලැයිස්තු බාරදීම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී ඇති කාලය අද(30) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන්වේ.

මේ අනුව හෙට මධ්‍යම රාත්‍රීය තෙක් ලැබෙන සභික ලැයිස්තු ගැසට් පත්‍රයකින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

ඊට පසුව ලැබෙන ලැයිස්තු ඊට පසුව ගැසට් කරන බවද ඔහු සඳහන් කළේය.

සභික ලැයිස්තු බාරදීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කොමිසමේ සභාපතිවරයා පැවසුවේ එම ලැයිස්තු සැලකිය යුතු ලෙස ලැබෙමින් පවතින බවයි.

මේ අතර සභිකයන් තෝරා පත් කර ගැනීමේදී මතුවී ඇති අර්බුද හේතුවෙන් ඇතැම් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල සභික ලැයිස්තු පිළියෙල කිරීම මෙසේ ප්‍රමාද වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආනන්ද රත්නායක මහතා මෙසේද පැවසීය.

ලැබෙන සභික ලැයිස්තු අපි ගැසට් කරනවා. ඒක තමයි මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය. අපි ඒක කරනවා. සභා පිහිටුවන එක ඒ අයට අයිති වැඩක්. ඒක කොමිසමේ වැඩක් නොවේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *