සබරගමු සිසුහු උපකුලපති කාර්යාලය වටලති

නේවාසිකාගාර ගැටළුව වහාම විසඳන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ විශාල පිරිසක්  එම විශ්ව විද්‍යාලයේ උප කුලපති කාර්යාලය වැටලුහ .

එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණක නෙරංජන් සිසුවා සදහන් කළේ මේ වන විට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව උග්‍ර වී ඇති බවයි.

එම නිසා එම ගැටළුවට වහාම විසදුම් ලබා දෙන ලෙසට රජයට සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට බල කර සිටින බව ඔහු සදහන් කලේය.

විසදුම් ලබා නොදුනහොත් මීට වැඩිය දැඩි පියවර ගන්නා බව ඔහු සදහන් කලේය.

පැයකට අධික කාලයක් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *