සබජ රැස්වීමේ රතිඤ්ඤා පත්තු වී පොලිසියේ හයක් රෝහලට

ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය වෙනුවෙන් මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ පිරිස මේ වන විට මහනුවර රොහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

රැස්වීමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස්  නිලධාරින්  හය දෙනාට අමතරව  සිවිල් පුද්ගලයන් දෙදෙනකු ද  තුවාළ ලබා ඇත. අනතුර සිදුවූ අවස්ථාවේ  එම ස්ථානයේ  රාජකාරීයේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරිහු යුහුසුළුව  තුවාලකරුවන් රෝහලට යැවීමට පියවර ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *