සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවන් 68 දෙනාට නිදහස

හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට හලාවත අධිකරණය  තීරණය කළ බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්විනි පෙරේරා මහතා පැවසීය.

මෙම නඩුවේ සාක්ෂි සඳහා සිටි දෙදෙනාම මිය යෑමත් පොලීසිය සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමත් හේතුවෙන්  සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ බවද එහිදී නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *