සනත්ගේ මරණයට කන්ටේනර් රියදුරුගෙන් සී.අයි.ඩිය ප්‍රකාශ ගනියි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින්  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, සිදුකළ පැමිණිල්ලකට අනුව කන්ටේනර් රථ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා  ප්‍රකාශ ලබා ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය

මියගිය හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අධි නීතිඥ  චමරි ප්‍රියංකා මහත්මිය සිය සැමියාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත බව පවසමින් ඉකුත් (7) වෙනිදින  සිදු කරන ලද   පැමිණිල්ලකට අදාළව මෙම  ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබේ

එම මාරක රිය අනතුර සම්බන්ධයෙන්  විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින්  පිටු පහක පමණ  ප්‍රමාණයකින් යුත්  විස්තර ඇතුළත්  කර එකී පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථය ගැටුණු  බව කියන කන්ටේනර් රථය පැදවූ රියදුරාට කරන ලද දැනුම් දීමකට අනුව ඔහු එම අංශය වෙත නීතිඥවරයෙකු සමග පැමිණ පුරා පැය පහකට ආසන්නන්  කාලයක්  ප්‍රකාශ ලබා දී තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *