සජිත් බාර් ගත්තු අයගේ ලැයිස්තුවක් ඉල්ලයි

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ  ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී රජයෙන්  ඉල්ලීමක් කළේය

විපක්ෂනායකවරයා මෙසේ ඉල්ලා සිටියේ   ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මත්පැන් බලපත්‍ර ලබා ගත්තයි කියලා පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ටත් චෝදනාවක් එල්ල වෙනවා. මේ වගේ වැරදි ක්‍රියාවල නිරත නොවන  බහුතරයක්  මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. මත්පැන් බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්    අල්ලසක් වශයෙන් ලබාදෙනවා. අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයාගත හැකි විදියට මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුවෙනවා. ඒක ප්‍රසිද්ධ කරුණක්. මත්පැන් විකිණුම් ස්ථාන විධිමත් ආකාරයට නොපිහිටුවීම සම්බන්ධයෙන් මහජන කැළඹීම් පසුගිය කාලයේදී ඇතිවුණා. ආගමික ස්ථාන අවට මත්පැන් ස්ථාන පිහිටුවීම අද ජමරෙට ක්‍රියාත්මක වෙනවා. ඒක අද දේශපාලන සූදුවක් බවට පත්වෙලා. අපිට ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *