සජිත් උදව් කළොත් යළි එජාප සාමාජිකත්වය දෙනවා

සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී පැවසීය.

මේ වන විට තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා

දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ යැයි සමගි ජන බලවේගය පවසන බවත් සජබෙ  සමඟ  එකතුවී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් බවත් කීය.නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව කී ජනාධිපතිවරයා සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළේය.

රජයේ වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන “එක්ව ජයගමු”මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.‍ෙමහනුවර පොදු වෙළෙඳපොළ  සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම ජනරැළිය පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *