සජිත්ගේ ප්‍රතිපත්තිය අහන්න ෆොන්සේකා නෑ

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහන්නට පාර්ලිමේන්තුවේ සිටි සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා ඇතුළු ප්‍රබලයින්  සජිත් ප්‍රතිපත්තිය කියන විට සභාවේ නැතැයි පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත  අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කරුණු විස්සකින් යුතු ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරද්දී තමාද ඊට හොඳින් ඇහුම්කන් දුන් නමුත් එහි අකුරක්වත් තමාට තේරුනේ නැතැයි අබේගුණවර්ධන මහතා පැවසීය.

ෆොන්සේකා ඇතුළු සජබ ප්‍රබලයින් සජිත් ගේ ප්‍රකාශය අහන්නට නොසිටියේ ඔවුන්ටත් එය නොතේරෙන නිසාදැයි නොදන්නා බව  අබේගුණවර්ධන මහතා කීය.

රට වෙනුවෙන් පොදු ගමනකට එකතු එකතු වෙන්න පොදු ජන පෙරමුණට හැකි නම් සමගි ජන බලවේගයට බැරි ඇයිදැයි ජනපති සිය කතාවෙන් අැසූ බවත් තමාටත් අහන්නට තිබෙන්නේ ඒ කතාවම බවත් අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

ජනපති පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රස්තිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් අබේගුණවර්ධන මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *