සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සහ පෙළපාලිය දමිළ ප්රගතිශීලි සංධානය සමග එක්ව තලවකැලේ නගරයේදි 2025.05.01 දින පැවැත්වීමට තීරණය කර ඇති බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසීය.
එම මැයි දින රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා සහ කදුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය සාමාජිකයන් සමග හැටන් නගරයේ පිහිටි කදුරට ජනතා පෙරමුණේ පිහිටි පක්ෂ කාර්යාලයේදි පැවති රැස්වීමකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු පා.ම. වී රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ මැයි දින රැලිය සහ පෙළපාලිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත්, ඒ සදහා සමගි ජන බලවේගයේ නායකයින් සහ සාමාජිකයින් විශාල පිරිසක්ද එම රැලියට සහභාගිවන බවයි.
රැලිය තලවකැලේ නගර සභා ක්රීඩාංනයේත් පෙළපාලිය තගවකැලේ නගරයේත් පැවැත්වෙන බව පා.ම. වී රාධා ක්‍රිෂ්ණන් මහතා තව දුරටත් කියා සිටියේය.