සජබ පුටු දෙකක් හිස් යැයි මැකෝට කියයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රි  ධූර දෙකක් පුරප්පාඩු වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්  නීතිඥ  චමින්ද කුලරත්න මහතා පැවැසීය.

සමග ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසිවීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩුවී ඇති බව මෙසේ  දන්වා ඇත.

මෙම දැනුම් දීම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) සහ 64 (5) වගන්තිය අනුවය.

මනූෂ නානායක්කාර මහතාගේ  මන්ත්‍රී ධූරය හෝසි වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

ඔහු එම ධුරයේ  ලබන 21 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

බණ්ඩාරිගොඩ මහතා  පසුගිය මහවරණයේදී  එම දිස්ත්‍රික්කයේ මීළගට වැඩිම මනාප ගත් අපේක්ෂකයාය.

හරීන් ප්‍රනාන්දු මහතා මහතාගේ මන්ත්‍රී ධූරය හෝසි වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ජනාධිපතිවරණය අවසන් වනතුරු කිසිවකු පත් නොකිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *