නිවසක් තුළ සඟවා තිබූ ඩොල්ෆින් මස් කිලෝග්‍රෑම් 43ක් සහ ගෝන මස් කිලෝග්‍රෑම් 13ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද සොයාගෙන තිබේ.
ඒ තංගල්ල නලගම ප්‍රදේශයේ නිවසකදීය.
තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.
එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසීය.
වැටලීමේදී බෙහෙත් කොටන වර්ගයේ ගිනිඅවි දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කලමැටිය වනජීවී නිලධාරීන් වෙත භාරදී ඇත.