හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයා සමාගම විසින් ලබාදුන් ගැස් තොග පාරිභෝගිකයන්ට ලබා නොදි වසා ගිය වෙලදසැලක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව වෙලදසැලේ ඉබි කඩා වෙලදසැල තුල තිබු කිලෝ 12.5 ගැස් සිලින්ඩර් බෙදා හැරිමට පියවර ගැණින.
එම ගැස් අලෙවි නියෝජිතයට සමාගම විසින් ගැස් සිලින්ඩර් 100 ක් ලබා දි ඇති අතර,එම සිලින්ඩර් කිසිවක් පාරිභෝගිකයන්ට ලබා නොදුන් බවයි පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් කියා සිටියේ.
දිස්ත්‍රික් ලේකම්වරයා සහ පොලිසිය අලෙවි නියෝජිත වෙලදසැල කඩා පරික්ෂා කිරිමේදි එම වෙලදසැල තුල කිලෝ 12.5 ගැස් සහිත ගෘහස්ථ ගැස් සිලින්ඩර් 48ක් තිබු අතර, ඉතිරි ගැස් තොගය වෙලදසැල තුල නොතිබුණු බවට දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරික්ෂණයට ලක් වුහ.
පාරිභෝගිකයන් කියා සිටින්නේ එම අලෙවි නියොජිතයා ගෘහස්ථ ගැස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටිම නිසා ඉතිරි ගැස් තොගය ඉතා සුක්ෂම ලෙස සගවන්නට ඇති බවයි.