පළාත් අතර පනවා ඇති සංචරණ සීමා නොතකා කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු සුඛෝපබෝගී බස් රථ තුනක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චෙංකලඩි – බදුල්ල මාර්ගයේ යුද හමුදා බාධකයක දී රාජකාරීයේ යෙදී සිටි යුද හමුදා නිලධාරීන් හා පොලීස් නිලධාරීන් විසින් එම බස්රථ පරීක්ෂා කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ බස්රථවලට පළාත් අතර සංචරණය සිදුකිරීමට අදාළ කිසිදු බලපත්‍රයක් නොමැති බවය.
පසුව එම බස්රථවල ගමන් ගත් මගීන්ගේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඉන් තිදෙනෙක් ආසාදිත බවට තහවුරු වී තිබේ.
ආසාදිතයින් කරදියනාරු රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු පිරිස නිවෙස් බලා පිටත් කර ඇත.
අත්අඩංගුවට පත් බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.