කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
හර්ෂද සිල්වා මහතා එහිදී මෙසේ සඳහන් කළේය.
මේ කියන සියලු චෝදනා මම තරයේ ප්‍රකාශ කරනවා. මම මේ වාර්තාව ජනතාව ගැන හිතලා ඉදිරිපත් කළේ සද්භාවයෙන්. සියලු තොරතුරු මම දෙන්නම්. ගල් අඟුරු වාර්තාව ඉදිරිපත් කරපු වෙලාවෙත් මාව මේ වගේ ඉවත් කළා. මම විපක්ෂයේ ඉඳලා මේ වැඩේ කරන්නේ බොහොම අමාරුවෙන්. මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒක දන්නවා. මෙතන ඉන්න හිටපු ජනාධිපතිතුමාත් මම ගැන දන්නවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා
මන්ත්‍රීවරුන් 16 දෙනකු එම තීරණයට එකඟ නැති බව කතානායකතුමාට ලිපියකින් දැනුම් දුන්නා. ඒක අසත්‍ය සහ දෝෂ සහිත වාර්තාවක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් කළ හැකි වරදක්. හර්ෂ සිල්වා ගෙනාපු මේ වාර්තාව අසත්‍ය එකක් නිසා මා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා.