ප්‍රමිතියෙන් තොර ශීත කළ ආහාර වෙළෙඳපොළේ අලෙවි කළ වෙළෙඳුන් 387 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය සති දෙක තුළ සිදුකළ වැටලීම්වලින් අනතුරුව මෙම පියවර ගත් බවයි.
උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ දිගින් දිගටම සිදුවන විදුලිය විසන්ධි වීම හේතුවෙන් ශීතකරණ තුළ ගබඩා කර ඇති ආහාරවල ගුණාත්මක භාවය පිරිහී ඇති බව වැඩිදුර විමර්ශනවලින් අනතුරුව අනාවරණය වී ඇති බවයි.
වෙළඳපොලේ ශීත කළ ආහාර මිලදී ගැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය සති කිහිපය තුළ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් ශීතකරණවල ගබඩා කර ඇති මස් සහ කිරි නිෂ්පාදනවල ගුණාත්මක භාවයට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.