ශ්‍රී ලංකා පපරේ වාදකයින්ට ICC අවසර

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුනි.

ඒ ඩුබායි ක්‍රීඩාංගනයේදීය.

මේ අතර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාවේ පපරේ සංගීත වාදකයින්ට ඩුබායි ක්‍රීඩාංගනයට ඇතුළුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවසර දී තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පැවති කිසිදු තරගයක් සඳහා පපරේ සංගීතයට අවසර හිමිවූයේ නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සංගීත භාණ්ඩ රැගෙන පැමිණියත් ඒවා ක්‍රීඩාංගනයට රැගෙන යාමට අවසර නොලැබුණු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *