ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඉන්ධන හිඟයක් නොවන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඉන්ධන, ඖෂධ, සිමෙන්ති හා යකඩ හිඟයක් නොව විදේශ විනිමය ප්‍රශ්නයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

23දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ඉන්ධන ආයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක් බවයි.

” ​​​සඳුදා උදේ ඉදන් ඉන්ධන ගොඩබෑම ආරම්භ කළා. ඩීසල් නැවට මුදල් ගෙව්වා. පෙට්‍රල් නැවක් තියෙනවා. මුදල් ඇමතිතුමා අපට අවශ්‍ය විදේශ විනිමය දෙන්න පොරොන්දු වුණා. අවසන්වරට තෙල් මිල වැඩි කළේ දෙසැම්බර් 20 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 72ක් වුණා.

ඊයේ රෑ වන විට ඩොලර් 99ක් වුණා. අද දිනයේදී ඩොලර් 100 ඉක්මවා යාවි. දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තියෙන්නේ ලංකාවේ. ඉන්දියාවේ ඩීසල් මිල ලංකාව වගේ දෙගුණයක් වැඩියි.

ලෝකයේ තෙල් මිල අඩුම රටවල් අතරින් ලංකාව ඉන්නේ 22 ස්ථානයේ. අපිට වැඩිය ඉදිරියෙන් ඉන්න රටවල් 21කම තෙල් නිපදවන රටවල්. ලංකාව අපනයනයෙන් ඩොලර් මිලියන 1000ක් හොයන විට තෙල් වලට ඩොලර් මිලියන 500ක් ගෙවන්න වෙනවා. ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක්. මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.”

පාර්ලිමේන්තු මන්ත‍්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා විසින් මතුකල ප‍්‍රශ්ණයකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා විසින් මෙම අදහස් මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *