ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
එන්නත්කරණයෙන් ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන ඇති එංගලන්තයෙන් මෙම ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මුල්වරට වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
ඒ අනුව මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා තවදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවය.
ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වාර්තාවලට අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක්ම ඩෙල්ටා ආසාදිතයින්ය.
ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙන්නේ පවතින සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවක් සමාජයේ පෙන්නුම් කරන බැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව වඩා අවදානයෙන් කටයුතු කළයුතු බවය.
දැනට ලෝකයේ විවිධ රටවල භාවිත කරන කොවිඩ් මර්දන එන්නත් මෙම ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය සඳහා සාර්ථකව ප්‍රතිචාර දක්වන්නේදැයි යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකෙරෙන බවද වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.