ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ  ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට  අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවැත්විණි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වූ අතර එම තීන්දුවේ නීති ගැටලු රැසක් පවතින බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ විය.

එම තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටලු ගැන අමාත්‍ය මණ්ඩල ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණේ අද පස්වරුවේ බැවින් ඊට අදාළ නීති ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය විනැයිද කැබිනට් ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව මීට අදාළ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණය  වූ බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *