ශ්‍රී ලන්කන් ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් යානා දෙකක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක්තා වකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ .

ඒ.- 330 – 200 වර්ගයේ එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානා පැදවීම ද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් සිදු කෙරේ .

මෙම ගුවන් යානා තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක  ( Economy ) පංතියේ ආසන 240 ක් තිබේ .

මීට අමතරව ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.320 වර්ගයේ ගුවන් යානයක් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *