ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් බලාපොරොත්තුවෙන් සිටින බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික හා ගුවන්සේවා අමාතයංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවන් පසුගිය කාලයේ කළ වර්ජනයන් හේතුවෙන් එම සමාගමට තිබූ පිළිගැනීම බංදුවට වැවී ඇති බව කී අමාත්‍යවරයා ඒ හේතුවෙන් එම සමාගම නොමිලයේ දුන්න ද භාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.