ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු මෙතෙක් තෝරාගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සඳුදා (1) රාත්‍රියේ චීනයේ බීජිං නුවර පැවති සාමකාමී සහජීවනයේ පංච ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමේ 70 වැනි සංවත්සර උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීය.
නායකයින් බිහිවන්නේ ජනතාව අතරින් බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා. තමන් චීන ජනාධිපති ෂී ජින්පින් සහ චීන විදේශ අමාත්‍ය Wan Yi සමඟ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීන රජය තවදුරටත් යහපත් ස්ථාවරයක සිටින බව ඔහු ප්‍රකාශ කළේය. දිවංගත ආර්.සම්බන්ධන්ගේ අභාවය දෙමළ ජනතාවට සහ පොදුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පාඩුවක් බවද ඔහු සඳහන් කළේය.
රාජපක්ෂ මහතා සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.