ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඉල්ලා අස්වෙ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත භාර දෙමින්ය.

2024 – 2025 වාරය සඳහා පසුගිය ජනවාරි මාසයේ දී BASL හි සභාපති ලෙස නිතරගයෙන් තේරී පත්වීමට ඔහු සමත්වුණි.

මේ අතර, ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය පසුගිය අගෝස්තු 30 වැනිදා ඒකමතිකව තීරණය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *