ශ්‍රී ලංකා කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරිය සියදිවි හානිකරගනී

ශ්‍රී ලංකා කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞෂල්‍යා මධුෂානි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

26 හැවිරිදි ඇය දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදී සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැකකරයි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2022 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ හොඳම කඩුලු පැනීම සඳහා වන ග්ලූකොලින් අභියෝගතා කුසලානය ඊයේ දිනා ගැනීමට කෞෂල්‍යා සමත් විය.

ඇය ශූරතාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 58.37කින් ජය ගත්තාය. 26 හැවිරිදි ඔහු 2019 කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 4×400 සහය දිවීමේ ශ්‍රී ලංකා රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර මීටර 400 කඩුලු මතින් දිවීමේ රිදී පදක්කමද හිමිකර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *