හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශකයෙකු වීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග ඊයේ ප්‍රකාශ කළේය.
ජයසූරියගේ භූමිකාවට උපාය මාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික අංශ මෙන්ම පුහුණුව, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය පිළිබඳ ඔහුගේ අවබෝධය ලබා දීම ඇතුළත් වේ.
කෙසේ වෙතත් මෙම යෝජනාවට විධායක කමිටු සාමාජිකයින් තවමත් අනුමැතිය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ. ජයසූරිය සිය සේවය සඳහා රුපියල් මිලියන 5ක මාසික පැකේජයක් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත