ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ අද්විතීය සහෝදරත්ව බැඳීමක් එම බැඳීම කිසිම රටකට සමකළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ සමීපතම අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීම සඳහා හැකි සියලුදේ කිරීමට ඉන්දියාව කටයුතු කරන බවද මහා කොමසාරිස්වරයා පැවැසුවේය.කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අද පැවති ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්ෂක සමුළුව අමතමින් සන්තෝෂ් ජා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව සමීපතම මිතුරා සහ අසල්වැසියාවීම හේතුවෙන් ඉන්දියාවට පැවැරී ඇති වගකීම සහ කාර්යභාර්යය ඉටු කරමින් කොවිඩ් වසංගතය පැවති සමයේදී මෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි කාලයේදී මෙරටට සහාය ලබා දුන් බව මහ කොමසාරිස්වරයා පැවැසුවේය. සහාය අවශ්‍ය වූ මොහොතේ දෙවරක් නොසිතා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් වූ බවද සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට යැපිය හැකි මිත්‍රයෙකු ලෙසත් සගයකු ලෙසත් ඉදිරියටත් ඉන්දියාව සිටිනු ඇතැයි මහ කොමසාරිස්වරයා පැවැසුවේය.
ඉන්දීය – ශ්‍රී ලංකා ආරක්ෂක සමුළුව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ෂවේන්ද්‍ර සිල්වා, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, ඉන්දියානු ආරක්ෂක නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් අනුරාග් බජ්පායි ඇතුළු දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.