ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට කෝටි 61ක බෝනස් දීලා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට  ඉකුත් 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව  රුපියල් කෝටි හැට  එකකට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද  වෙනත් විවිධ දීමනා ගෙවීමට රුපියල් කෝටි පනස් හතරකට වැඩි මුදලක්ද වැය කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය පවසන්නේ   ඉහත  දීමනා  සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලූ බවයි. ඊට සමගාමීව මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් 2022 වර්ෂයේදී  මුදල් රාජ්‍ය අමාත්‍ය ආයෝජන ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී   ආයෝජන සංවර්ධන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ක්‍රම සම්බන්ධයෙන් කැබිනට්  අනුමැතිය ලබාගත යුතු බව යෝජනා කෙරුණු බව  සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති 2022ක වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *