ශ්‍රී ලංකාව සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ඉන්දියාවෙන් ආනයනය කරයි.

ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය මුදල් ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වෙළෙඳ සංස්ථාවට වෙන් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදී තීරණය විය.

ඉදිරියේදී ඇතිවිය හැකි සහල් හිඟයක් මඟහරවා ගැනීමටත්, සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම වැළැක්වීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

ඉන්දීය ණය මුදල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති සාකච්ඡාවට වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා, හිටපු අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් එක්ව සිටියා. ආධාර වැඩසටහන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *