ශ්‍රී ලංකාව විදේශ බලවතුන්ගේ යටත්විජිතයක් වෙලා – පුබුදු ජයගොඩ

ශ්‍රී ලංකාව සහ මෙරට වරායන් ඇතුළු මහජන දේපල ලෝක බලවතුන් සහ එම රටවල්වල සමාගම් ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස සළකන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (25) පැවසීය.

කලාපීය බලවතුන්, අධිරාජ්‍යවාදීන් පමණක් නොව විදෙස් සමාගම් පවා මෙරට දේපළ භාවිතා කරන ආකාරයෙන් ඔවුන් මෙරට යටත් විජිතයක් ලෙස කටයුතු කරමින් සිටින බවත් ඔවුන් විවිධ ව්‍යාපෘතිවලදී ගිවිසුම් කඩකරමින් කටයුතු කරන බවත් ජයගොඩ මහතා කීය.

පුබුදු ජයගොඩ මහතා කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තු චීන සමාගමක් ලබාගත් බවත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තු සඳහා එම සමාගමට වරාය අධිකාරිය සහ රජය අදාළ මුදල ගෙවා ඇති බවත් ඒ මහතා කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *