තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
LP ගෑස් වසර 01 ක කාලයක් සඳහා තායි සමාගමෙන් මිලදී ගන්නා බව රජය පවසයි.
LPG මිලදී ගැනීමට නියමිත මිල මෙට්‍රික් ටොන් එකකට (MT) ඇමරිකානු ඩොලර් 09ක් ඕමානයේ වත්මන් සැපයුම්කරුට වඩා අඩුය.
තායිලන්තයේ සියම් ගෑස් සමාගම වසරකට ශ්‍රී ලංකාවේ LP ගෑස් අවශ්‍යතාවයෙන් 70% ක් සපයන බව රජය වැඩිදුරටත් පැවසීය.
වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව උග්‍ර ගෑස් හිඟයකට මුහුණ දී සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවශ්‍ය ගෑස් මිලදී ගැනීමට ඩොලර් හිඟ වී තිබේ.