ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට  පාඩුවක් සිදු  කළේ යැයි කියන  එම සමාගමේ  හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු  ලබන 01 දින දක්වා රක්ෂිතව බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්   කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා  නියෝග කළේය.

නාවල ප්‍රදේශයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගත් සැකකරු 2014 ජනවාරි 22 දින මැලේසියාවේ කෝලාම්ලාම්පූර්ණ නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ එල් 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට පාඩුවක් කිරීම.,එම වසරේම ජනවාරි 26 දින මාළ දිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා යන ගුවන්  මගීන් 75 දෙනෙකු යූ එල් 563 දරණ ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකන් ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම  හා 2014 දෙසැම්බර් දහනමයෙන් දින කටුනායක 18 කණුව පැවති මැතිවරණ රැලියක ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 1250000.00 මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *