Sri Pada season

ශ්‍රී පාදය වදින්න මහා සෙනඟක්

2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය.

ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් වනාදනා වාරය ආරම්භ විය.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත් , බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත් , රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ (14) දින අලුයම වැඩම කරවු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රි පාද පද්මය සුවද පැණින් දෝවනය කර ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (14) දින උදැසන යෙදුණු සුභ නැකතට වැඩම්ම වු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබුහ.

මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කල සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රණ්සිලිගේ රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්ප උපහාර දැක්විම සදහා විශාල බැතිමතුන් පිරිසක් මාර්ගය දෙපස රැදි සිටිහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *