ශ්‍රීපාද රක්ෂිතයේ, මරේ තේ වතුයායේ, තේ කර්මාන්ත ශාලාවට ඉහළින් පිහිටි ටර්පන්ටයින් වගාවේ දින 04 ක පමණ කාලයක් තිස්සේ පවතින ගින්න ඊයේ(10) දින වන විටත් තවදුරටත් පැතිරෙමින් පවති.
මෙම ගින්න නිසා මේවන විට ටර්පන්ටයින් වගාවේ අක්කර ගණනක් විනාශයට පත්ව තිබේ.
ගින්න පැතිරයාම වැළැක්වීමට නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් හා වතු ජනතාව එක්ව දැඩි උත්සහායක් දැරුවද ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා සුළං තත්වය නිසා ගින්න පවතින ස්ථානයට ළඟා වීමට නොහැකි වීම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
ප්‍රදේශයේ ඇතැම් සංවිධානාත්මක පරිස් හා පුද්ගලයින් විසින් වන සතුන් දඩයම් කිරීම හා විනෝදයට වියළි කාළගුණයක් පවතින කාලවල මෙම ගිනි තැබීම සිදු කරන බව ප්‍රදේශයේ ජනතාව පවසති.
මෙම ගිනි තැබීම් හේතුවෙන් මේ වන විට මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන් ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳී යෑමේ තර්ජණයට ලක්ව තිබේ.