වෛද්‍යවරියකගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටේ

යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීය.

වෛද්‍යවරියකට අයත් මෝටර් රථයක එලෙස ඔවුන් ගැටී තිබේ.

අනතුර සිදුවී තිබුණේ වාද්දුව මොරොන්තුඩුව පට්ටේලිය බෝක්කුව අසලදීය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එම වෛද්‍යවරිය බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන බවද වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *