විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට හැරයෑම යෑම වළක්වා රැකගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් සමාජ ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරු විදෙස් ගතවීමේ ගැටළුව සඳහා වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ට විදේශ රටවල රැකියා අවස්ථා ලබාදීමේදී එම ක්‍රියාවලිය නැවත සමාලෝචනය කරමින් දෙන අවස්ථාවන් සීමා කිරීම පිළිබද සලකා බලන ලෙස ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් මෙවන් අර්ථයක් හැගවෙන ප්‍රකාශයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද කරමින් විදෙස් ගතවන වෛද්‍යවරු ගුවන් තොටුපොලේදී නවත්වන්නේ යැයි පැවසූ බව ද එම සංගමය කියයි.
පශ්චාත් උපාධි පුහුණු අවස්ථා වැඩි කිරීම හරහා වැඩි වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් බිහිකර ඒ තුළින් රටට විදේශ විනිමය ගෙන්වා ගැනීමේ අවස්ථාව උදාකරගත යුතු බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙවුණු වසර දෙකකට අධික කාලය තුළදී 2000 කට අධික වෛද්‍යවරු මෙරට හැරගොස් ඇති අතර මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් රැකගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුනහොත්, ශ්‍රී ලාංකීය රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නොහැකි බව ද සඳහන් කරයි.