වෙළඳපොළේ ගෑස් හිඟයක්

ලාෆ් ගෑස් හිඟයක් රට තුළ පැවතීම නිසා මේ වනවිට එම පාරිභෝගියන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ සඳහා වෙනත් විකල්පයක් ද  නොමැති බවය.

ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් බෙදාහැරීම පසුගියදා නවත්වනු ලැබීය.

ඒ ගෑස් මිල ඉහළ නැංවීමට රජය අවසර නොදීමත් සමඟ ඇතිවූ ආනයන ගැටලු හේතුවෙනි.

ඒ අනුව රජය ඔවුන්ට ලිට්රෝ ගෑස් සිලින්ඩර සමග ලාෆ් ගෑස් සිලින්ඩර හුවමාරු කරගත හැකි බවට පැවසූවද මේ වනතෙක් අදාළ සමාගම තමන්ට ඒ සඳහා අවසර ලබාදී නොමැති බව අලෙවි නියෝජිතයන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *