වෙසක් සමරන්න රටපුරා දන්සල් 5.000ක්: තොරණ 320

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.

ඊට අමතරව දිවයින පුරා වෙසක් කලාප 419 ක් දතොරණ 321ක් සහ වෙනත් උත්සව 1090ක් දසංවිධානය කර ඇති බව හෙතෙම කීය.

දිවයින පුරා විහාරස්ථාන 219කට විශේෂ ආරක්ෂාව යොදන බවකි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන් විහාරස්ථාන 14ක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද පැවසීය.

වෙසක් සමයේදී ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18000 යොදවන අතර මේවන විට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 275ක් සේවයේ යෙදුවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රථම වතාවට ප්‍රජාපොලිස් ඒකකයේ සාමාජිකයන් 20750ක සංඛ්‍යාවක් මෙම කාලයේදී සේවයට යොදවන බවද කී මාධ්‍ය ප්‍රකාශකවරයා ත්‍රිවිධ හමුදාවේ 1250ක පිරිසකගේ සහාය ලබා ගැනීමට සූදානම් කර ඇති බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *