වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම  කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් සහ  උත්සවවලටත්  අනෙකුත් කටයුතුවලටත් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.

පක්ෂය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්  විවේචනාත්මකව අදහස් පළ කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කළ බව කියන මෙම තිදෙනා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පක්ෂයේ බොහෝ පිරිසක් එහි නායකත්වයෙන් පසුගියදා  ඉල්ලීම් කර ඇත.

මේ අතර ෆිල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්කර එම තනතුර පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීමට තීරණය කර ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.

සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදීද  පක්ෂ නායකත්වය විවේචනය කරමින් කතාවක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *