වෙරළබඩ කාලසටහනේ වෙනස්කම් කිහිපයක්: රුහුණු ශීඝ්‍රගාමී දුම්රිය හෙට බෙලිඅත්තෙන් ගමන් අරඹයි

නව වසර ආරම්භයත් සමඟම දුම්රිය දෙපාර්තමේන්තුව වෙරළබඩ මාර්ගයේ කාලසටහනට සංශෝධන කිහිපයක් සිදු කර ඇත.

ඒ අනුව මාතරින් පිටත්වන ‘රුහුණු කුමාරි’ ශීඝ්‍රගාමී දුම්රිය හෙට සිට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම දුම්රිය හෙට සිට උදෑසන 5.25 ට බෙලිඅත්තෙන් පිටත් වීමට නියමිතයි.

සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය මගීන්ගේ පහසුව සඳහා සෙනසුරාදා දිනවලද ධාවනය කිරීමට නියමිතය.

සතියේ දිනවල රාත්‍රී 08.35 ට මරදාන සිට දකුණ පයාගල දක්වා ධාවනය වන දුම්රිය හෙට (ජනවාරි 1) සිට අලුත්ගම දක්වා දීර්ඝ කර ඇත.

එසේම මරදානේ සිට පස්වරු 02.00ට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය හෙට සිට පස්වරු 01.55ට මරදානේ සිට අලුත්ගම බලා පිටත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *