එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සෑම විටම එක් දේශපාලන පක්ෂයක් බලයට ගෙන ඒමට උපකාර කළ බවයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී රට භයානක අගාධයකට ඇද වැටුණු බවයි. එදා J.R ජයවර්ධන රට භාරගෙන රට ඉදිරියට ගෙන ගියා. වර්තමානයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද අතීතයේ මෙන් අගාධයකට වැටී තිබූ කෘෂිකර්මය, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාර්මීකරණය, විදේශ සබඳතා, විශ්‍රාම වැටුප් කර්මාන්තය ආදී සියලු ක්ෂේත්‍ර ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටී. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා කළා වගේ රනිල් වික්‍රමසිංහ මහතාත් අලුත් යුගයක් ආරම්භ කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා විට අපි ලෝකයේ තනි වුණා. ලෝකයේ බලවත් රාජ්‍යයන් සමඟ ගනුදෙනු කර ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමේ හැකියාව දැන් ජනාධිපතිතුමාට ලැබී තිබෙනවා. පසුගිය සිංගප්පූරු සංචාරයේදී සිංගප්පූරු අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමටත් විශේෂ ගිවිසුම් රැසක් අත්සන් කිරීමටත් ඔහුට හැකි විය. සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් සහ විදේශ රටවල් සමඟ සබඳතා වර්ධනය වන බව ඉතා පැහැදිලිය.
රටේ ධනය රැගෙන මෝල්ටාවේ ආයෝජනය කළ බවට ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල වී තිබේ. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ වඩාත් ඝෝෂාකාරී කථිකයන්ගෙන් කෙනෙකු ලෙස මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන සහ ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන සාකච්ඡාවක් හෝ විවාදයක් පාර්ලිමේන්තුවට යෝජනා කිරීමේ හැකියාව ඇත. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ගිහින් පැමිණිලි කරන්න පුළුවන්කම තියෙනවා පරීක්ෂණ ක්‍රියාවලිය ගැන ඉතා ඉක්මනින් තීන්දුවක් දෙන්න. ඒ වෙනුවට අපහාස නඩු දාන එකයි කරලා තියෙන්නේ.
එවැනි කටයුතු අවසන් කිරීමට වසර 10ක් 12ක් පමණ ගත වේ. ඒ කාලේ කාටවත් මෝල්ටාවත් උගන්ඩාවත් මතක නැහැ. අනුර කුමාර දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොයන්නේ මන්දැයි ජනතාව අසති.
එවැනි ගණුදෙනුවක් සිදු වූවා නම් රාජපක්ෂලාගේ මුදල්ද ඊට සම්බන්ධ දැයි ඇසිය යුතුය. රාජපක්ෂලා බලයට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ උදව් කළ නිසා අපට එවැනි සැකයක් තිබෙනවා. හිතවත්කම් තුළ මෙවැනි ගනුදෙනු සිදුවීමට ඉඩ ඇත.